Sunday, August 12, 2012

වෙඩින් කේක් හදමුද?








අවශ්‍ය ද්‍රව්‍ය:-

♣ කරදමුංගු කුඩු තේ හැඳි 2 යි
♣ බ්‍රැන්ඩි මේස හැඳි 4 යි
♣ වියලි මිදි කිලෝ 1 යි
♣ කුරුඳු කුඩු තේ හැඳි 1
♣ කරාබුනැටි තේ හැඳි 3
♣ වැනිලා මේස හැඳි 3
♣ බිත්තර කහමද 60
♣ බිත්තර සුදුමද 30
♣ සාදික්කා කුඩු
♣ පිටි ග්‍රෑම් 500
♣ සීනි කිලෝ 2
♣ රුලං කිලෝ 2
♣ කරන්ට් ග්‍රෑම් 500
♣ කජුමද ග්‍රෑම් 100
♣ සිදරං ලෙලි දෝසි ග්‍රෑම් 500
♣ ඉඟුරු දෝසි ග්‍රෑම් 500
♣ රට කොට්ටන් =ආමන්ඩ් (ශුද්ධකර) මද කිලෝ 1
♣ සුල්තානා කිලෝ 1
♣ බටර් කිලෝ 1
♣ පුහුල් දෝසි කිලෝ 1
♣ ගෝල්ඩන් සිරප් මේස හැඳි 2
♣ රෝස වතුර මේස හැඳි 4
(මෙහි සඳහන් අවශ්‍ය ද්‍රව්‍ය කේක් බඩු විකිණීමට ඇති කඩයකින් මිලදීගත හැක.)

සාදන ක්‍රමය:-

සුල්තානා, කරන්ට් ශුද්ධ කර පුහුල් දෝසි, ඉඟුරු දෝසි, සිදරං ලෙලි සිහින් කර ලියාගන්න. කජු මද හා රට කොට්ටන් මද සිහින්ව ලියාගන්න. මේවා සියල්ල පිටි සමග හොඳින් කළවම් කරන්න. සීනි හා බටර් ලොකු බඳුනක දමා හොඳින් ගසා බිත්තර කහමද ටික ටික දමා ගසා ගන්න. මෙසේ ක්‍රමයෙන් පළතුරු, රුලං, කජුමද, කරාඹුනැටි ආදියද මිශ්‍ර කරන්න. ඉන්පසු රෝස වතුර, බ්‍රැන්ඩි, වැනිලා, ගෝල්ඩන් සිරප්, බිත්තර සුදුමද එක්කොට පිටි මිශ්‍රණයද දමා හොඳින් අනා කේක් මෙන්න පෝරණුවක තබා අවශ්‍ය පදමට පමණක්ම පුළුස්සා ගන්න. නියම රසය ඒමට අවශ්‍ය දිනට සතියකට කලින් සකසා පාවිච්චියට දින දෙකකට කලින් අයිසින් කරගන්න.
♣ වෙඩින් කේක් සාදා ගැනීමේදී, සමහරු සිහින්ව කපාගත් රට ඉඳි වලට බ්‍රැන්ඩි, වැනිලා ගෝල්ඩන් සිරප් එකතු කොට සියල්ල හොඳින් කළවම් කොට දිනක් පමණ වසා තබා පසුව කේක් සෑදීමට යොදාගනී.

No comments:

Post a Comment